කැනඩා එන්නත් ලබානොගත් පොලීසියට වැටුප් රහිත නිවාඩු


කැනඩාවේ විශාලතම නාගරික බලකාය වන ටොරොන්ටෝ පොලීසියේ සාමාජිකයින් නොවැම්බර් 30 වැනි දින වනවිට කොවිඩ් -19ට එරෙහිව පූර්ණ එන්නත ලබාදුන් බවට සාක්ෂි ලබා නොදුනහොත් වැටුප් රහිත නිවාඩු ලබාදීමට සූදානම් වෙයි.

පොලිස් බලකාය පැවසුවේ සාමාජිකයන්ගෙන් 90 %ක්ම ඔවුන්ගේ එන්නත් ලබාගැනීමේ තත්ත්වය හෙළි කර ඇති අතර, එයින් 94%කට මාත්‍රා දෙකම ලැබී ඇති බවයි.

ටොරොන්ටෝ පොලිස් සේවයේ නිලධාරීන් 5,500කට අධික සංඛ්‍යාවක් සහ සිවිල් සේවකයින් 2200 කට වැඩි සංඛ්‍යාවක් සේවය කරති.



Recommended Articles