කැනඩා අගමැති ටෘඩෝ කොවිඩ් ආසාදිත වෙයි


කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව නිවේදනය කරයි.

"අද උදෑසන, මම කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළා. මගේ තත්ත්වය තවම යහපත්. ඒ අනුව, මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මම මේ සතියේ දුරස්ථව රාජකාරි කිරීමට කටයුතු කරනවා. සියලු දෙනාම, කරුණාකර එන්නත් ලබාගෙන තමාගේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්න" අගමැතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ටෘඩෝගේ පාසල් වයසේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුද වෛරසයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව අගමැතිවරයා සඳහන්කළේය.

ඔමික්‍රෝන් ප්‍රභේදය මෙන්ම, වසංගත සෞඛ්‍ය සීමා කිරීම් සම්බන්ධයෙන් අගනුවර ඇති වූ කලහකාරී විරෝධතා සමග කැනඩාව තුළ දිගින් දිගටම ආසාදිතයන් වැඩිවීමකට මුහුණ දෙයි.

2020 මාර්තු මාසයේදී ඔහුගේ බිරිඳ වන සොෆියා ටෘඩෝ වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළද, අග්‍රාමාත්‍යවරයාට මීට පෙර කොවිඩ්-19 වැලඳී නොතිබිණි.



Recommended Articles