ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරය තුළ ත්‍රස්ත ප්‍රහාර අවදානමක් ප්‍රකාශයට පත්කිරීමත් සමග සංචාරකයන් සහ වන්දනාවේ යන හින්දු බැතිමතුන් ප්‍රාන්තය තුළින් ඉවත්වීමට කටයුතු කරමින් සිටියි.
අමර්නාත් වන්දනා සමයේදී හින්දු බැතිමතුන් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පිළිබඳව බලධාරීන් විසින් මෙම ත්‍රස්ත අවදානම ප්‍රකාශයට පත්කර ඇත.
එහිදී, පාකිස්තානයේ සහාය ලබන සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම් විසින් මෙම ප්‍රහාරය දියත්කළ හැකි බව ඔවුන් පවසා තිබේ.
කාෂ්මීරයේ සිටින ත්‍රස්ත සංවිධානවලට උදව් ලබාදෙන බවට ඉන්දියාව පාකිස්තානයට චෝදනා කරයි. කෙසේ වෙතත්, පාකිස්තානය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
දින 45ක් පුරා පැවැත්වෙන අමර්නාත් වන්දනා සමය ජූලි මස 01දා ඇරඹෙන අතර, සාමාන්‍යයෙන් ලක්ෂ 3ක පමණ බැතිමතුන් මෙම වන්දනා සමය සමග එක්වෙයි.