ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින කාෂ්මීර අර්බුදය විසඳීමට මැදහත්කරුවෙකු ලෙස සම්බන්ධ වන ලෙස අගමැති මෝදි විසින් ඇමෙරිකානු නායක ට්‍රම්ප් වෙත ඇරයුමක් කළේ යැයි පළවන අදහස් ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ එවැනි ඇරයුමක් නොකළ බවයි.
එහිදී, ඉන්දියාව සහ පාකිස්තානය අතර සිදුවන ඕනෑම ප්‍රශ්නයක් ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් විසඳා ගන්නා බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
එක්සත් ජනපදයේ සංචාරයක නිරත පාකිස්තාන අගමැතිවරයා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමත් සමග මෙම අදහස් මතුවී තිබේ.
කාෂ්මීරයේ අයිතිය වෙනුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය යන දෙරටම අයිතිවාසිකම් කීවත්, දෙරටම මෙහි කොටසක් පමණක් පාලනය කරයි.