ඉන්දීය ආරක්ෂක අංශවලට වඩාත් අවශ්‍යව සිටි කැරලි නායකයා වූ සකීර් මූසා ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර් ප්‍රදේශයේදී ඝාතනය කළ බව ඉන්දීය යුද්ධ හමුදාව පවසයි.
අල්කයිදා සංවිධානයේ කාශ්මීර් අනු කණ්ඩායම වන 'අන්සාර් ඝාස්වත් උල් හින්ද්' සංවිධානයේ නායකයා ලෙස සකීර් මූසා හැඳින ගැනෙයි. එහිදී, කාශ්මීර්හි ට්‍රාල් දිස්ත්‍රික්කයේ නිවසකට කොටුකර ඔහු මරා දැමූ බව හමුදාව පවසයි.
මෙම ත්‍රස්තවාදියාගේ ඝාතනයත් සමග මෙම කලාපයේ ජංගම දුරකතන සහ අන්තර්ජාල සේවා අවහිර කර, ඇඳිරි නීතිය පනවා ඇති අතර, පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන සිකුරාදා දිනය තෙක් වසා දමන බව දැනුම් දී තිබේ.
සකීර් රෂීඩ් භාත් සකීර් මූසා 2016 වසරේදී ආරක්ෂක අංශ විසින් මරා දමන ලද ජනප්‍රිය කැරලි නායකයෙකු වූ බුර්හාන් වානිගේ සමීපතමයෙකු ලෙස සැලකෙයි. මෙම ඝාතනයත් සමග පළාත තුළ ජනතාව කුපිත වීමෙන් ආරක්ෂක අංශ හා ජනතාව අතර ගැටුම් උත්සන්න විය. මෙම ගැටුම්වලින් සාමාන්‍ය වැසියන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඒ හරහා සකීර් මූසා කැරලි නායකයෙකු බවට පත්විය. කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ සකීර් මූසාගේ ඝාතනය ඉන්දීය හමුදා අත්කර ගත් සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.