කාර් වෙනුවට බයික්වලට යොමු වීමට ඌබර් ටැක්ස් සූදානම් වෙලා


ආදායම් උත්පාදනයේ පහළ බැසීමක් සිදුවුවත්, මෝටර් රථ ටැක්සි සේවයෙන් ඔබ්බට ගොස් ඉලෙක්ට්‍රික් ස්කූටර් සහ පාපැදි ටැක්සි ව්‍යාපාරය වෙත යොමුවන බව ඌබර් කුලී රථ සමාගම පවසයි.

අභ්‍යන්තර නාගරික ප්‍රවාහනයේදී තනි පුද්ගල ප්‍රවාහන විධි වඩාත් යෝග්‍ය බව එම සමාගමේ ප්‍රධානී ඩාරා කොස්රොෂාහී සඳහන් කර තිබේ.

එමෙන්ම, අනාගතයේදී කුලී රථ සේවා බලාපොරොත්තු වන්නන් බොහෝ අවස්ථාවල කෙටි දුර ධාවනයන් සඳහා යොමුවනු ඇති බවද ඔහු පුරෝකථනය කර ඇත.

දැඩි වාහන තදබදයක් පවතින අවස්ථාවක කෙටි දුරක් ධාවනය සඳහා කුලී මෝටර් රථයක් යොදාගැනීම ප්‍රායෝගික නොවන බව කොස්රොෂාහී පවසයි.

එමෙන්ම, කෙටි කාලීනව ආර්ථික වශයෙන් මෙය ඔවුන්ට ජයග්‍රාහී තත්ත්වයක් නොවුණත්, දීර්ඝ කාලීනව ඌබර් සමාගමේ ඉලක්කය වෙත ළඟාවීමක් බව තමා විශ්වාස කරන්නේ යැයි ඔහු පෙන්වා දී ඇත.



Recommended Articles