උරපොදි සංචාරයේ යෙදුණු කාම්බෝජයේදී අතුරුදන් බ්‍රිතන්‍ය ජාතික තරුණියගේ මළ සිරුර මුහුදේ තිබී සොයාගෙන තිබේ.
21 හැවිරිදි අමේලියා බැම්බ්‍රිජ්, වෙස්ට් සසෙක්ස් හි වෝර්තින්ග් හි පදිංචිකාරියක වන අතර, පසුගිය සතියේ කොහ් රොන්ග් වෙරළ තීරයේ පැවති සාදයකදී ඇයව අවසන් වරට දැක තිබුණි.
එම දූපතට සැතපුම් 30ක් පමණ දුරින් සාගරයේදී ඇගේ සිරුර සොයාගත් බවත්, පසුව එය කාම්බෝජයේ ප්‍රධාන භූමිය වෙත රැගෙන ආ බවත් බලධාරීහු පවසති.
තම සහෝදරිය සෙවීම සඳහා කාම්බෝජයට ගොස් සිටි ඇයගේ සහෝදරයා සිය මෙම පුවත සනාථ කර තිබේ.
ඇය සෙවිමේ මෙහෙයුමට 150කට අධික සවෙච්ඡා කණ්ඩායමක් සහභාගී වී සිටි අතර, ඒ අතර, කිමිදුම්කරුවන්, නාවික හමුදා භටයන් මෙන්ම වෙනත් සංචාරකයන් ද වූ බව කාම්බෝජ පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, ඇයට කුමක් වූයේද යන්න මෙතෙක් පැහැදිලි නොමැති අතර, පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.