කාම්බෝජයේ හිටපු අගමැති නොරොදොම් කුමරු සමුගනී


කාම්බෝජයේ හිටපු අගමැතිවරයෙකු වූ වත්මන් රජුගේ අර්ධ සොහොයුරා වන නොරොදොම් රනාරිද් කුමරු අවුරුදු 77ක් ආයු වලඳා ප්‍රංශයේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

1993 මැතිවරණයෙන් රාජකීය දේශපාලන පක්ෂයෙන් ජයග්‍රහණය කළ කුමාරයා, 1997 කුමන්ත්‍රණයකින් කාම්බෝජයේ ඒකාධිපති නායකයා ලෙස පවතින සභාග හවුල්කාර හුන් සෙන් විසින් නෙරපා හරින ලදී.

හුන් සෙන් ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ප්‍රවෘත්තියෙන් තමා සහ තම බිරිඳගේ හදවත කම්පා වූ බවයි.

රනරිද් කුමරු සම්භාවනීය පුරවැසියෙකු බවත්, ඔහු සිය ජාතියට, ආගමට, රජුට දේශප්‍රේමී රාජකීය පවුලේ සාමාජිකයෙකු ලෙසත් හුන් සෙන් විසින් හඳුන්වා දෙන ලදී.



Recommended Articles