කාම්බෝජයේ සංචාරයකට පැමිණ අවස්ථාවේදී ඉන්ධන හලක් පුපුරා යාමෙන් දරුනු පිළිස්සුම් තුවාල ලැබූ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක සිය පිළිස්සුම් තුවාල සමග මුහුණේ ඇති වූ විරූපීබව ගැන සොවින් පෙළෙයි.
ගුරුවරියක වන ඇය පවසන්නේ ඇය තමන්ගෙ මුහුණට වෛර කරන බවයි. සියම් රීප් හි ඉන්ධන පිරවුම්හල පසුකර යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එය පුපුරා ගොස් ඇයද ගින්නට හසුව තිබේ.
22 හැවිරිදි ඇය සහ ඇගේ මිතුරිය වන ඇබී ඇලෙක්සැන්ඩර් දෙදෙනාම දරුණු ලෙස තුවාල ලබා ඇති අසල සිටි අයගෙන් උදව් ඉල්ලා සිටියත්, ඔවුන් මුලින් සිදුකර ඇත්තේ තම ස්මාට් දුරකථනවලින් ඔවුන්ව වීඩියෝ කිරීමය.
බලපත්‍රයක් හෝ නොමැතිව පවත්වාගෙන ගොස් ඇති මෙම ඉන්ධන පිරවුම්හල පිපිරීමෙන් එක් අයෙකු මිය ගිය අතර තවත් 13 දෙනෙකු බරපතල තුවාල ලැබූහ.