කාම්බෝජ නොරොඩොම් සිහාමෝනි රජු සහ ඔහුගේ මව වන හිටපු රැජින නොරොඩොම් මොනිනාත් සිහානොක් චීනයේ බීජිං නුවරදී ඔවුන්ගේ දෙවැනි කොවිඩ්-19 එන්නත ලබාගත් බව විදෙස් වාර්තා පවසයි.
ඔවුන් සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවන් සඳහා පසුගියදා චීනයට පැමිණි අවස්ථාවේදී මේ ආකාරයෙන් සිය එන්නත් ලබාගෙන තිබේ.
කාම්බෝජ රජුගේ මෙන්ම, මවු රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය වසරකට දෙවරක් චීනයේ බීජිං හි වෛද්‍යවරු විසින් පරීක්ෂාවට ලක්කරන බවද වාර්තා වෙයි.