කාබුල් හි රුසියානු තානාපති කාර්යාල බෝම්බය IS වැඩක්!


ඉස්ලාමීය රාජ්‍ය කොරාසන් ත්‍රස්ත කණ්ඩායම විසින්, පසුගිය සඳුදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර රුසියානු තානාපති කාර්යාලයේ දොරටුව අසල සිදුකළ බෝම්බ ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු තානාපති කාර්යාලය අසල පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හැරීමෙන් මියගිය 06දෙනා අතර රුසියානු තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුද සිටින බව රුසියානු විදේශ අමාත්‍යාංශය සහ ඇෆ්ගනිස්ථාන නිලධාරීන් පවසති.

මෙම ප්‍රහාරකයා ගේට්ටුව අසලට පැමිණෙන විට සන්නද්ධ ආරක්ෂකයින් විසින් වෙඩි තබා ඝාතනය කිරීම නිසා ප්‍රහාරයේ හානිය අවම වී ඇති අතර, ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයද මෙම පිපිරීම හෙළා දැක තිබේ.



Recommended Articles