ඇෆ්ගනිස්ථානයේ කාබුල් හි පාසලකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 19දෙනෙකු මියගොස් තවත් 27දෙනෙකු තුවාල ලබා ඇති බව තලේබාන් බලධාරීන් පවසයි.
කාබුල් හි 13 වැනි දිස්ත්‍රික්කයේ කාජ් පාසල ප්‍රවේශ විභාග සඳහා සූදානම් වෙමින් සිටියදී පිපිරීම සිදු වූ බව නගර පොලිස් ප්‍රකාශක අබ්දුල් නෆී ටකෝර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය. ඔහු මියගිය සංඛ්‍යාව මූලික වශයෙන් විස්තර කළේය.
"වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අපගේ කණ්ඩායම් පිපිරුම් ස්ථානයට පිටත් කර ඇත" යනුවෙන් තලේබාන් විසින් පත් කරන ලද නිලධාරියා මාධ්‍ය වෙත පැවසීය.
ඇෆ්ගනිස්ථානයේ TOLO පුවත් සේවය පැවසුවේ ප්‍රහාරය දේශීය වේලාවෙන් උදෑසන 7:30 ට පමණ සිදු වූ බවයි. මියගිය අය අතර පාසල් දරුවන්ද සිටින බව කියැවේ.