කාබුල් ප්‍රහාරය UN ආරක්ෂක කවුන්සිලය විසින් හෙළා දකී


ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සර්දාර් මොහොමඩ් ඩවුඩ් ඛාන් රෝහලට එරෙහිව එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දැඩිව හෙළා දැක තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් විපතට පත් වූවන්ගේ පවුල්වලට සිය බලවත් සංවේගය සහ ශෝකය ප්‍රකාශ කළ අතර, තුවාල ලැබූවන්ට පූර්ණ සහ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

"ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක්, සාපරාධී ක්‍රියාවක් සඳහා ඒවායේ අභිප්‍රේරණය කුමක් වුවත්, කොතැනක, කවදා හෝ කවුරුන් විසින් සිදුකළත් සාධාරණීකරණය කළ නොහැකියි" ආරක්ෂක මණ්ඩලය නැවත අවධාරණය කළේය.

අඟහරුවාදා ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 25දෙනෙකු මිය ගොස්, ජ්‍යෙෂ්ඨ තලේබාන් හමුදා නායකයෙකුද ඇතුළුව 50කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.



Recommended Articles