කාබුල් නගරයේ ප්‍රබල කාර් බෝම්බ ප්‍රහාරයක් - 10ක් මරුට


ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරය ආශ්‍රිතව පුපුරාගිය ප්‍රබල කාර් බෝම්බයකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 40 දෙනෙකු තුවාල ලැබීය.

එරට තානාපති කාර්යාලය සහ රජයේ ගොඩනැගිලි රැසක් පවතින දැඩි ආරක්ෂිත කලාපයක මෙම පිපිරීම සිදුව ඇත.

තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, එක්සත් ජනපදය සහ තලේබාන් සංවිධානය අතර සාකච්ඡා පැවැත්වෙන අතරතුර මෙම ප්‍රහාර එල්ල වීමද විශේෂත්වයකි.



Recommended Articles