හරිත හා කාබන් අවම සංවර්ධනය වේගවත් කිරීමට චීනයේ අධිෂ්ඨානය නොසැලෙන බවත් චීනය සිය කැපවීමට ගරු කරන බවත් චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කරයි.
ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 12දා දක්වා කාලය තුළ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදී පැවැත්වෙන 26 වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට (COP26) පෙර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සමග දුරකථන සංවාදයකදී ජනාධිපති ෂී මෙසේ පවසා තිබේ.
චීන නායකයාට අනුව, චීනයේ ඉලක්කය 2030 වනවිට එහි කාබන් විමෝචනය අවම කිරීම මෙන්ම, 2060 වනවිට කාබන් මධ්‍යස්ථභාවය සාක්ෂාත් කර ගැනීමය.
COP26 හි එක්සත් රාජධානියේ භූමිකාවට තම සහයෝගය ප්‍රකාශ කරමින් ෂී ජනාධිපතිවරයා, ජොන්සන් අගමැතිවරයාට පැවසුවේ සමුළුව පොදු නමුත් වෙනස් වූ වගකීම් පිළිබඳ මූලධර්මයට අනුගත විය යුතු බවය. එමෙන්ම ඉහළ අභිලාෂයන් සැබෑ ක්‍රියාවක් බවට පත් කිරීමට රටවල් කඩිනමින් කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ගෝලීය ආර්ථීක ප්‍රකෘතිය තවමත් දෙදරුම්කමින් පවතින අතරම, කොවිඩ්-19 වසංගතය නිසා බොහෝ වෙනස්කම් සිදුව ඇති බව සඳහන් කළ ෂී ජනාධිපතිවරයා, චීනය සහ එක්සත් රාජධානියේ සබඳතා සඳහා අවස්ථා සහ අභියෝග යන දෙකම ඇති බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.