කාන්තාවක් යතුරුපැදියක නැගී ප්‍රථම වරට ඉරානයට ඇතුළු වේ


ඉරානය තුළ කාන්තාවන් කෙරෙහි වූ ආකල්පය වෙනස් කිරීමේ අරමුණ ඇතිව ලොව පුරා යතුරුපැදියකින් ගමන් කරන මරාල් යසර්ලෝ-පැට්‍රික් මේ වනවිට ලොව පුරා ජනාදරයට පාත්‍ර වී සිටියි.

ඉරානය තුළ කාන්තාවන්ට යතුරුපැදි ධාවනය තහනම් වන්නේ එය විනීතභාවය පිළිබඳ නීතියක් යටතේ ලඝු කරමිනි.

කෙසේ වෙතත්, ලෝක සවාරියේ යෙදෙන මරාල් අත්අඩංගුවට ගැනීමකින් තොරව පසුගියදා ඉරානය වෙත සිය යතුරුපැදියෙන්ම ඇතුළු වූයේ එරටට යතුරුපැදියකින් ඇතුළු වූ ප්‍රථම කාන්තාව බවට පත්වෙමිනි.



Recommended Articles