ක්‍රොඒෂියානු නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ස්ඩ්‍රැව්කෝ මාරික් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව එරට රජය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.
ඔහුගේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ්-19 රෝග ලක්ෂණ වර්ධනය වූ බැවින්, මාරික් සති අන්තයේ පරීක්ෂණයක් කිරීමට ගොස් එහි ප්‍රතිඵලය ධනාත්මක වූ බව රජයේ ප්‍රකාශයේ සඳහන් වේ.
ක්‍රොඒෂියාවේ අගමැති ඇන්ඩ්‍රෙජ් ප්ලෙන්කොවික් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මේ ආකාරයෙන්ම වෛරසය ආසාදිත වූ අතර, එවර ඔහුද මෘදු රෝග ලක්ෂණ පෙන්වා තිබුණි.