ක්‍රොඒෂියාවේ පිහිටි හදවතක හැඩය ගත් දූපතේ තුනෙන් එකක ප්‍රමාණයක් විකිණීම සඳහා ඉදිරිපත් කර තිබේ.
හදවත් දූපත යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම කුඩා හිස් අවකාශය, සංවර්ධන කාර්යයක් වෙනුවෙන් යූරෝ මිලියන 13කට විකිණෙන බවද සඳහන් වෙයි.
මෙම දූපතේ ඇති විශේෂත්වය වන්නේ, එහි හෝටල්, විලා හෝ අවන්හල් නොතිබුණත්, බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් යොච් යොදා ගනිමින් ග්‍රීෂ්ම සෘතුවේදී මෙම දූපතේ සංචාරය කිරීමය.
හදවත් ස්වරූපයේ වූ එහි හැඩය මෙම දූපතේ වටිනාකම වැඩිකර ඇති අතර, එහි අගය තවදුරටත් ඉහළ නංවමින් දූපත සංචාරක කලාපයක් කිරීමේ අදහසින් මෙසේ එහි කොටසක් විකිණීම සිදුවන බවද හදවත් දූපතේ හිමිකරුගේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.