ක්‍රිස්ටිනා හා ජෙසිකා අභ්‍යවකාශයේ එක්ව ගමන් කළ කාන්තාවන් වෙති


නාසා ගගනගාමීන් වන ක්‍රිස්ටිනා කෝච් සහ ජෙසිකා මයර් ඉතිහාසයේ ප්‍රථම වරට අභ්‍යවකාශයේ ඇවිද ගිය කාන්තා ගගනගාමීන් දෙදෙනා බවට පත්ව තිබේ.

අසාර්ථක විදුලි පාලන ඒකකයක් වෙනුවට ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත පැය 7ක් ගත කර ඇත.

මේ වනවිටත් ක්‍රිස්ටිනා අභ්‍යවකාශ ගමන් 4ක් සිදුකර ඇති නමුත්, අභ්‍යවකාශයේ ගමන් කළ 15 වැනි කාන්තාව බවට පත්වූ ජෙසිකාගේ ප්‍රථම මෙහෙයුම බව නාසා ආයතය පවසයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වීඩියෝ ඇමතුමකින් ඔවුන්ට සුබ පැතීමට අමතක නොකළේය.

"ඔබ ඉතා නිර්භීත, දීප්තිමත් කාන්තාවන්" ඔවුන් අභ්‍යවකාශ ගමනේ යෙදෙන විට ඔහු කීවේය.

විදුලි ඉංජිනේරුවරියක වන ක්‍රිස්ටිනා සහ සමුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති ජෙසිකා පසුගිය සිකුරාදා ග්‍රිනීච් වේලාවෙන් පෙ.ව.11.38ට අභ්‍යවකාශයේ පිටතට පැමිණියහ.  ඔවුන් බැටරි ආරෝපණ-විසර්ජන ඒකකය (BCDU) වෙනුවට, පෝට් 6 ට්‍රස් ව්‍යුහය නමින් හැඳින්වෙන ස්ථානයකට ගමන් කළ බව නාසා ආයතනය පවසයි.



Recommended Articles