නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් හි අල් නූර් මුස්ලිම් පල්ලියට පසුගිය සතියේ එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ප්‍රථම වරට එහි ආගමික වතාවත් යළිත් ආරම්භ වී තිබේ.
පොලිස් පරීක්ෂණ වෙනුවෙන් මෙම පල්ලිය වසාදමා තිබුණත්, අද (23දා) කුඩා කණ්ඩායමකට පල්ලියට ඇතුළු වීමට අවසර ලබාදී ඇත.
පසුගිය 15දා නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකක් ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීමේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මේ අතර, අල් නූර් මුස්ලිම් පල්ලිය වෙත ඇතුළු වීමට සියලු දෙනාට නොහැකි වුවත්, විශාල පිරිසක් එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහි කරමින් පා ගමනක්ද සංවිධානය කර තිබුණි.