ක්ෂය රෝගය ගැන WHO වෙතින් අනතුරු ඇඟවීමක්


ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව දශක දෙකකට ආසන්න කාලයක් තුළ පළමු වරට ක්ෂය රෝගය (TB) ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව ගෝලීය වශයෙන් ඉහළ ගොස් තිබේ.

2021 දී වසරින් වසර 4.5%ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද එහි වාර්තාවේ, ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය වසරේ ක්ෂය රෝගයෙන් පෙළෙන පුද්ගලයින් මිලියන 10.6කට ප්‍රතිකාර කර ඇති අතර, එහිදී අලුතින් තවත් රෝගීන් මිලියන 1.6ක් එකතු වී ඇත.

එනම් අඛණ්ඩව දෙවැනි වරසටත් ක්ෂය රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පැහැදිලි කළේ කොවිඩ් -19 වසංගතය ක්ෂය රෝගය ආශ්‍රිත මරණ වැඩිවීමට දායක වී ඇති බවයි.

අගුලු දැමීම බොහෝ රෝගීන්ට රෝග විනිශ්චය ලබා ගැනීමට හෝ ප්‍රතිකාර ලබා ගැනීමට බාධාවක් වීමද මෙසේ අසාදන වැඩිවීමට හේතුවක් බව පෙන්වා දෙයි.



Recommended Articles