කළු ජාතික රෙෂාඩ් ඝාතනයට ලක්වූ තැන අවන්හල ගිනිගනී


සිය මෝටර් රථයේ නින්දට වැටී සිටි අප්‍රිකානු-ඇමරිකානුවෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය ඇති වූ ස්ථානයේ පැවති අවන්හල ගිනි ගනිමින් පවතින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

27 හැවිරිදි රෙෂාඩ් බෘක්ස් එම ස්ථානයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන් සමග පොරබැදීමක් සිදුකර එක් නිලධාරියෙකු අත වූ ටේසර් අවිය (විදුලි සැර වැදීම් සිදුකරන) රැගෙන දිවයන අවස්ථාවේදී පොලීසිය ඔහුට වෙඩි තබා ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ වනවිට අවන්හලේ ජනේලවලින් ගිනිදැල් සහ කළු දුමාරය පිටවන බව ඇට්ලන්ටා හි පොලීසියද තහවුරු කර තිබේ.

මේ අතර, මෙම ඝාතනයට එරෙහි විරෝධතාකරුවන් ඇට්ලන්ටාහි අන්තර් ප්‍රාන්ත සම්බන්ධ කරන අධිවේගී මාර්ගයක් අවුරාලමින් මාර්ගයේ රැඳී සිටින අතර, පොලිස් වාහන විශාල ප්‍රමාණයක්ද එම මාර්ගයේ පෙළ ගැසී ඇති ආකාරය දැකිය හැකිය.



Recommended Articles