බටහිර විසින් යුක්රේනයට සපයන අවි ආයුධ පෝලන්තය, රුමේනියාව ඇතුළු ඒ ආසන්නයේ වූ රටවල සිටින ජාවාරම්කරුවන්ට යුක්රේන අණදෙන නිලධාරීන් විසින් අලෙවි කරන බව ඇමෙරිකානු මාධ්‍යවේදියෙකු අනාවරණය කරයි.
සම්මානනීය මාධ්‍යවේදියෙකු වන සෙයිමෝර් හර්ෂ් පවසා සිටින්නේ, මෙම කළු කඩයේ විකිණෙන අවි ආයුද සම්බන්ධයෙන් බටහිර දැනුවත්ව සිටින බවයි.
ඔහු අනාවරණය කරගත් තොරතුරු අනුව, පසුගිය වසරේ පෙබරවාරි මාසයේ මෙම ගැටුම ආරම්භයේ සිටම යුක්රේන දේශසීමාවල පිහිටි රටවලදී බටහිර අවි ආයුධ තොග ගණනින් කළු කඩයේ අලෙවි වී තිබේ.
"සාමාන්‍යයෙන් මෙම අලෙවි කිරීම් සිදුකරන්නේ හමුදා ජෙනරාල්වරු නෙමෙයි. බොහෝවිට කර්නල්වරු හෝ ඊට පහළ අණදෙන නිලධාරීන් විසිනුයි. ඔවුන් වෙත ලැබෙන ඇතැම් අවි ආයුධ තොග, ඔවුන් විසින්ම කළු කඩයේ විකුණනු ලබනවා." හෙතෙම වැඩිදුරටත් පැවසීය.