කසකස්තානයේ විරෝධතා හේතුවෙන් ජීවිත හානි රැසක්


කසකස්තානයේ විශාලතම අගනගරය වන අල්මාටි හි පරිපාලන ගොඩනැගිලිවලට කඩා වැදීමට උත්සාහ කළ විරෝධතාකරුවන් සැලකිය යුතු පිරිසක් එක රැයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

පොලිස් ප්‍රකාශක මාධ්‍ය වෙත පැවසුවේ විරෝධතාකරුවන් රාත්‍රියේදී අල්මාටි හි රජයේ ගොඩනැගිලිවලට කඩා වැදීමට උත්සාහ කළ බවත්, ඉන් සැලකිය යුතු පිරිසක් ප්‍රතිප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි.

මෙම පිරිස් රජයේ ගොඩනැගිලි ගිනි තබා ඇති අතර අල්මාටි හි විරෝධතාකරුවන් සමග ඇති වූ ගැටුම්වලදී අවම වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් 12දෙනෙකු මිය ගොස්, තවත් 353දෙනෙකු තුවාල ලබා ඇති බවද මාධ්‍ය වාර්තා පැවසීය.

තවද මියගිය එක් ආරක්ෂක නිලධාරියෙකුගේ සිරුර හිසින් වෙන්කර තිබියදී සොයාගත් බවද රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.



Recommended Articles