තමන් රටේ ආරක්ෂක මණ්ඩලයේ ප්රධානියා ලෙස වැඩ භාරගත් බවත්, නව වසරේ බලශක්ති මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහජන විරෝධතාවලට ප්රතිචාර වශයෙන් "උපරිම දැඩි" ක්රියාමාර්ග ගන්නා බවත් කසකස්තානයේ ජනාධිපති කාසිම්-ජෝමාට් ටොකායෙව් අවධාරණය කරයි.
"ජනාධිපතිවරයා වශයෙන්, අපගේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සාමය ආරක්ෂා කිරීමට, කසකස්තානයේ අඛණ්ඩතාව ගැන සැලකිලිමත් වීමට මා බැඳී සිටිනවා" ඔහු රුසියානු භාෂාවෙන් කසකස්තාන රූපවාහිනිය හරහා ජාතිය අමතමින් පැවසීය.
එසේම ජනාධිපතිවරයා විසින් උද්ඝෝෂණ ඉහළ යෑම නිසා අගනුවර හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කිරීමෙන් පසුව රට තුළ අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම වසා දමන ලදී.
ජනාධිපතිවරයා මීට පෙර අල්මාටි නගරයේ සහ බටහිර මන්ගිස්ටාටු පළාතේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇති බව ඔහුගේ කාර්යාලය පවසයි.
බදාදා දහවල් ප්රධාන නගර පරිපාලන ගොඩනැගිල්ල දෙසට පෙළපාලි ගිය විරෝධතාකරුවන් 1,000කට වැඩි පිරිසකට එරෙහිව අල්මාටි පොලීසිය කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ.