කසකස්තාන ඉහළ ආරක්ෂක නිලධාරීන් සේවයෙන් ඉවතට


නොසන්සුන්තාව මධ්‍යයේ කසකස්තාන ජනපති තවත් ඉහළම ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සේවයෙන් පහ කර තිබේ.

පසුගිය සතියේ ඇති වූ මහජන නොසන්සුන්තාවයෙන් පසු කසකස්තානයේ ජනාධිපතිවරයා ඉරිදා දිනයේ එරට ඉහළම ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු මෙසේ සේවයෙන් පහ කර ඇත.

නෙරපා හරින ලද නිලධාරීන් හිටපු බුද්ධි අංශ ප්‍රධානී කරීම් මැසිමොව්ගේ නියෝජිතයන් බවද සඳහන් වෙයි.

මේ වනවිට තත්ත්වය පාලනය කිරීම සඳහා රුසියාව ප්‍රමුඛ හමුදාවද අල්මාටි නුවරට කැඳවා ඇති බව විදෙස් වාර්තා පවසයි.



Recommended Articles