කරුණාකර මුඛ ආවරණයක් පලඳින්න - බලවත් ඉල්ලීමක්


මුඛ ආවරණයක් පැලඳීමේ වැදගත්කම පිළිබඳව පැහැදිලි පණිවිඩයක් තිබිය යුතු බව ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් අවධාරණය කරයි.

"සෑම කෙනෙකුටම ප්‍රසිද්ධියේ මුඛ ආවරණයක් පැලඳිය යුතු බවට ෆෙඩරල් ආණ්ඩුවේ ඉහළ සිට අපට පැහැදිලි පණිවිඩයක් අවශ්‍යයි." ඔහු පැවසීය.

බයිඩන් තවදුරටත් කියා සිටියේ, "එය සරල මිනුමක්. මේ වෛරසයෙන් ආරක්ෂා වීමට අපට නිවැරදි දේ කළ හැකි වඩාත් ඵලදායී ක්‍රමයක්." යනුවෙනි.

ඩෙලවෙයාර් හි විල්මින්ටන්හි පැවති දේශනයකදී ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය විසින් නව කොරෝනා වෛරස් වසංගතයට දැක්වූ ප්‍රතිචාරය විවේචනයට ලක් කරමින් ජෝ බයිඩන් මෙම අදහස් පළ කළේය.

මේ අතර, එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල් ජෙරොම් ඇඩම්ස් අඟහරුවාදා අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ, "කරුණාකර, කරුණාකර, ඔබ පොදු ස්ථානයක සිටින විට හා පිටතට යන විට මුඛ ආවරණයක් පැලඳ ගන්න" යනුවෙනි.

"එය අපහසු කාරණයක් නොවෙයි" ඇඩම්ස් පැවසීය. "එය ඔබේ නිදහස යටපත් කිරීමක් නොවෙයි. එය සැබවින්ම අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ඵලදායී මාර්ගයක්. එය ඔබගේ පහසුව සහ නිදහස ඔබට ළඟාකර දෙනු ඇති. මොකද එය අපට තවත් ස්ථාන විවෘත කිරීමට ඉඩ සලසන නිසයි."

"ඇත්ත වශයෙන්ම අප සියලු දෙනා එය භාවිත කරන්නේ නම් ඇමරිකානුවන්ට මේ මුඛ ආවරණ නිදහසේ මෙවලමක් වෙනවා" ජෙනරාල් ඇඩම්ස් වැඩිදුරටත් පවසා සිටියේය.

 



Recommended Articles