කරකල්පක්ස්තානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි


වයඹදිග උස්බෙකිස්තානයේ ස්වාධීන ජනරජයක් වන කරකල්පක්ස්ථාන් ජනරජය වෙත හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

 උස්බෙකිස්තාන ජනාධිපති ෂව්කත් මිර්සියෝයේව් විසින් මාසයක කාලයක් සඳහා මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කරනු ලැබුවේ, සැලසුම්ගත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම සතිය මුලදී කලාපයේ විරෝධතා පැන නැගීමත් සමගිනි.

හදිසි නීතිය ජූලි 3දා මධ්‍යම රාත්‍රියේ සිට අගෝස්තු 2දා දක්වා පවතින බව ජනාධිපති මාධ්‍ය ලේකම් වරයා නිවේදනක් නිකුත් කරමින් සඳහන් කළේය.



Recommended Articles