කම්මුරි සුළි කුණාටුව පිලිපීනයට කඩා වදී - දහස් ගණනකට බලපෑම්


කම්මුරි සුළි කුණාටුව මධ්‍යම පිලිපීනයේ ලුසොන් දූපතට කඩා වදිමින්, දැඩි වර්ෂාපතනයත් සමග එහි දකුණු කෙළවරේ නායයෑමක් රැසක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

ගංවතුර, කුණාටු සහ නායයෑම් යන බිය නිසා 200,000ක් පමණ පදිංචිකරුවන් වෙරළබඩ හා කඳුකර ප්‍රදේශවලින් ඉවත් කර ඇත.

මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙහෙයුම් අඟහරුවාදා සිට අත්හිටවනු ලැබ ඇති අතර, සෙනසුරාදා විවෘත වූ අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලේ ඇතැම් ක්‍රීඩා ඉසව් අවලංගු කර හෝ නැවත සැලසුම් කර ඇත.

සෝර්සගොන් පළාතේ නායයෑමට හේතු වූ මෙම කුණාටුවෙන් පැයට කිලෝමීටර් 155 (පැයට සැතපුම් 96) දක්වා සුළං ඇති වූ බවත්, පැයට කිලෝමීටර් 235 ක් දක්වා සුළඟේ වේගය වැඩිවිය හැකි බවත් කාලගුණ අංශ අනතුරු අඟවයි.



Recommended Articles