දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමේ ගැටලුව සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිතිය සමග එකඟතාවකට පැමිණීමට රජය අපොහොසත් වීම නිසා ඉරිදා සිඩ්නි නුවර සියලුම දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ.
එරට ප්‍රාන්ත රජය මෙම වැඩ වර්ජනය අසාධාරණ එකක් බවට විවේචනය කළ අතර, සහනයක් නොදෙන බවද අවධාරණය කළේය.
"මම අසාධාරණ දේවල් පිළිගන්නේ නැහැ" ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය ඩේවිඩ් එලියට් ප්‍රකාශ කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.