අනතුරට පත් චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් MU5735 ගුවන් යානයේ දෙවැනි කළු පෙට්ටිය සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.
මීට පෙර එම යානයේ පළමු වැනි කළු පෙට්ටිය සොයා ගැනුණු අතර, මේ වනවිටත් යානය කඩාවැටීමට හේතුව සොයාගැනීම සඳහා එය යොදාගනිමින් තිබේ.
විශේෂයෙන්ම අනතුර සිදුවන අවස්ථාවේදී යානය වේගයෙන් පහළට ඒම නිසා එම අවස්ථාවේදී යානය නියමුවන්ගෙන් ගිලිහී යන්නට ඇති බවටද විශ්වාසයක් පැවතුණි.
කෙසේ වෙතත් මේ සියලු රහස් කළු පෙට්ටිය හරහා අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බව බලධාරීන් විශ්වාස කරයි.