ඇමෙරිකාවේ, මෙක්සිකානු දේශසීමාවේ සිට සැතපුම් 30ක් පමණ උතුරින් පිහිටි කැලිෆෝනියාවේ ඉම්පීරියල් ප්‍රාන්තයේදී හමුදා ගුවන් යානයක් අනතුරට පත්ව ඇති අතර, එහි සිටි පස්දෙනා මියගොස් ඇතැයි අනුමාන කෙරෙයි.
මූලික වාර්තාවල මෙම ගුවන් යානයේ න්‍යෂ්ටික ද්‍රව්‍ය රැගෙන ගිය බවක් සඳහන් විය. කෙසේ වෙතත් එක්සත් ජනපද මැරීන් බළකාය අනතුරක් සිදුවූ බව තහවුරු කර ඇතත්, නිල වශයෙන් කිසිදු තොරතුරක් තහවුරු කර නොමැත.
මෙම අනතුර සිදුව ඇත්තේ රාජ්‍ය මාර්ග අංක 78 සහ කොචෙල්ලා කැනල් පාර අසලය. මෙම ප්‍රදේශය සැන් ඩියාගෝ සිට සැතපුම් 150ක් පමණ නැගෙනහිරින් කැලැක්සිකෝ-මෙක්සිකාලි හරස් මාර්ගයට ඊසාන දෙසින් පිහිටා ඇත.
එම ස්ථානයේ සිටි ප්‍රාදේශීය මාධ්‍ය විසින් කාන්තාරය හරහා දුමාරයක් නැඟී එන බව පෙන්නුම් කළේය. එමෙන්ම, ඇරිසෝනා අසල පිහිටි මැරීන් කෝප්ස් ගුවන් තොටුපළ අනතුරක් සිදුවී ඇති බව තහවුරු කළත්, පසුව වැඩි විස්තර ලබා දෙන බව පැවසීය.
මේ අතර. සැන් ඩියාගෝ වාර්තාකරු මලික් අර්නස්ට් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ යානයේ අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු සමග එය න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති එකක් බවයි. ඉම්පීරියල් ප්‍රාන්ත නිලධාරීන් උපුටා දක්වමින් යානයේ සිටි පස්දෙනාම මිය ගොස් ඇති බවද ඔහු පසුව සඳහන් කර තිබුණි.