ඔස්ට්‍රේලියාවේ දෙවන වැඩිම ජනගහනය සහිත වික්ටෝරියා ප්‍රාන්තය ගතවූ පැය 24 තුළ නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 19ක් සහ ආසාදිතයන් 331ක් වාර්තා කර තිබේ.
පෙර දිනයේදීද ආසාදිතයන් 322ක් හා මරණ 19ක් සමග වික්ටෝරියා ප්‍රාන්තය මේ දක්වා වාර්තා කර තිබූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කර තිබූ අතර, අද (11දා) සිදුකළ නිවේදනය අනුව එම මරණ සංඛ්‍යාවම ගතවූ පැය 24 තුළද වාර්තා කර තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තය පසුගිය සතියේදී සති හයක සම්පූර්ණ අගුලු දැමීම ආරම්භ කළ අතර, දෙවැනි ආසාදන රැල්ල පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය නොවන සියලුම ව්‍යාපාරයන් වසාදමා තිබේ.