ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කැෆේ, ජිම් සහ ආපනශාලා මාස 4 කට ආසන්න කාලයක් වසා දැමීමෙන් පසු 11දා සිට නැවත එන්නත් ලබා ගත් පාරිභෝගිකයින්ව සාදරයෙන් පිළිගන්නා බව පවසයි.
ඔස්ට්‍රේලියාවේ ඉලක්කය වී ඇත්තේ ඉහළ එන්නත් ප්‍රතිශතයක් ලබාදීම තුළින් කොරෝනා වෛරසය සමඟ ජීවත් වීම ආරම්භ කර ක්‍රමානුකූලව රට නැවත විවෘත කිරීමයි.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි හි සමහර මත්පැන්හල් සඳුදා දිනයේ සිට විවෘත කෙරන බව කියයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මහ ඇමති ඩොමිනික් පෙරොටෙට් ප්‍රාන්ත අගනුවර සිඩ්නි හිදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තමා මෙය නිදහස් දිනයක් සේ දකින බවයි.