ඔස්ට්‍රේලියාවේ පැතිරයන ලැව්ගිනි නිවීමට පැමිණි ස්වෙච්ඡා ගිනි නිවන පුද්ගලයෙකු විසින් හිතාමතාම තවත් ගිනි අවුලුවා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
නිව් සවුත් වේල්ස්හි සිඩ්නි නගරයට දකුණින් පිහිටි ප්‍රදේශයක සිදු වූ ගිනි තැබීම් චෝදනා හතක් සම්බන්ධයෙන් 19 හැවිරිදි මෙම ස්වෙච්ඡා ගිනි නිවන පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
එරට ගිනි නිවීමේ සේවාව මෙම පුද්ගලයා පිළිබඳව විස්තර කර ඇත්තේ දැනටමත් දැඩි පීඩනයකට ලක්ව සිටින කාර්ය මණ්ඩලය “අවසානයේ පාවාදුන්නෙකු” ලෙසිනි.
සැප්තැම්බර් මාසයේ සිට නැගෙනහිර වෙරළ තීරයේ විනාශයට පත් වූ ලැව් ගින්නෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් නිවාස 650 කට වැඩි ප්‍රමාණයක් අහිමි වී තිබේ. එම ඛේදවාචකයන් සම්බන්ධයෙන් මිනිසාට මෙතෙක් චෝදනා එල්ල නොවීය.