ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට


උතුරුදිග ඔස්ට්‍රේලියාවේ, ඩර්වින් තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව්දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරෙයි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසා සිටියේ තුවක්කුකරු හෝටලයක් වෙත ඇතුළු වී විවෘත වෙඩි තැබීමක් සිදුකළ පසුව පළාගිය බවයි.

එරට වේලාවෙන් සවස 6.00ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් පැයකට පසුව තුවක්කුකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා සිටියේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවයි.

පොලීසිය සඳහන් කරන පරිදි තුවක්කුකරු තනිවම ප්‍රහාරය මෙහෙයවා ඇති අතර, ඔවුන් තවත් ප්‍රහාරකයන් සම්බන්ධයෙන් සෝදිසියක් සිදුකර නැත.

මෙවැනි සමූහ වෙඩි තැබීම් ඔස්ට්‍රේලියාවේ දුලභ සිදුවීමක් වන අතර, අවසන් වරට 1996 දී ටස්මේනියාවේදී පුද්ගලයන් 35 දෙනෙකු මරා දැමුණි.



Recommended Articles