ඔස්ට්‍රේලියාවේ බටහිර ප්‍රාන්තයේදී අතුරුදන් වූ බව කියන කුඩා න්‍යෂ්ටික කැප්සූලය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව එරට න්‍යෂ්ටික ආරක්ෂක ඒජන්සිය පවසයි.
මෙම කැප්සූලය හඳුනාගත හැකි ජංගම උපාංග කට්ටලයක් සහිත මෝටර් රථයක් මේ සඳහා යොදවා ඇතැයිද එම ඒජන්සිය සඳහන් කරයි.
ඔස්ට්‍රේලියාවේ රියෝ ටින්ටෝ පතල් කැණීම් හා සම්බන්ධ සමාගමකට අයත් වූවක් බව කියන මෙම කැප්සූලය, පසුගිය සතියේදී ප්‍රවාහන සමාගමක ට්‍රක් රථයක් හරහා බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබියදී අතුරුදන්ව තිබුණි.
ඒ අනුව, මේ වනවිට එම බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ විශාල ප්‍රදේශයක විකිරණ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති අතර, Caesium-137 සමස්තානිකය සහිත මෙම කැප්සූලය මගින් පිටකරන විකිරණ ප්‍රමාණය පැයක් තුළ නිකුත් කෙරෙන එක්ස් කිරණ 10ක විකිරණ ප්‍රමාණයට සමාන බව පැවසෙයි.
කුඩා වුවත් මෙම මරාන්තික කැප්සූලය සොයා ගැනීම පහසු නොවන බව විශේෂඥයන් පවසන්නේ එහි කුඩා ප්‍රමාණය මෙන්ම, එය අතුරුදන්ව ඇති ප්‍රදේශයේ විශාලත්වය නිසාය.