ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් ඇති වී තිබෙන දුමාරය මේ වනවිට සිඩ්නි සහ ඇඩිලේඩ් යන නගර කරාද ඇදෙමින් තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
සිඩ්නි නුවර වැසියන් අද දින අවදි වනවිට නගරයේ බොහෝ ප්‍රදේශ දුමාරයෙන් වැසී තිබුණු බව කියැවෙන අතර, ලැව්ගිනි තත්ත්වයේද අඩුවීමක් දක්නට නොලැබුණි.
මේ අතර, සෞඛ්‍ය අංශ විසින් නගරයන්හි වායු දූෂණය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර, බොහෝ පිරිස් මුඛ ආවරණ පැළඳ සිටින ආකාරයද දැකිය හැකි විය.
ඒ අනුව, ඇතිවී තිබෙන ලැව්ගිනි තත්ත්වය අති දරුණු මට්ටමට දක්වා තිබුණු අතර, පසුගිය සතිය වනවිටත් ප්‍රාන්ත 6ක් වෙත එහි දැඩි බලපෑමක් සිදුව තිබුණි.
මෙහිදී ඇතැම් ප්‍රාන්තවල ලැව්ගිනි තත්ත්වය අතිශය බිහිසුණු ස්වරූපයක් ගෙන තිබුණු බවත්, උණුසුම් වා දහරා සමග ඒවා පැතිරීම වේගවත් වූ බවත් කියැවෙයි.