ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි නිසා නිවාස රැසක් ගින්නට හසුවෙලා


ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන් නිවාස 30ක් පමණ විනාශ වී හෝ බරපතල ලෙස හානි වී තිබේ.

ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යාමත් සමග අඟහරුවාදා දිනයේ ප්‍රාන්තය සහ අසල්වැසි ක්වීන්ස්ලන්තය පුරා ලැව්ගිනි පැතිර ගොස් ඇත.

බලධාරීන් පැවසුවේ මේ අතර හිතාමතාම ඇති කළේ යැයි විශ්වාස කරන ගින්නකින් එක් පුද්ගලයෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.

නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල සැප්තැම්බර් මාසයේ සිට ලැව්ගිනි රැසක් පැතිර ගොස් තිබුණි.

බලධාරීන් පවසා සිටියේ ඒ ඇතැම් ප්‍රදේශවල වාර්තා වී ඇති ලැව්ගිනි සාමාන්‍යයෙන් ග්‍රීෂ්ම කාලයේදී වාර්තා වූ අතිශය දරුණුතම ලැව්ගිනි බවයි.

මෙම ලැව්ගිනි මේ වනවිට හෙක්ටයාර් 100,000කට වැඩි භූමි ප්‍රමාණයකට බලපා තිබේ.  සමහර ප්‍රදේශවල සති පහකට වැඩි කාලයක් තිස්සේ ගිනි පැතිර යමින් පවතින බව කියයි.



Recommended Articles