ඔස්ට්‍රේලියාවේ ලැව්ගින් උත්සන්න වනවිට උෂ්ණත්වය 40C ඉක්මවයි


ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් (104F) ඉක්මවා යමින් උණුසුම් වා දහරා ඇතිවී තිබෙන අතර, මේ වනවිට පවතින ලැව්ගිනි තත්ත්වය තවදුරටත් වර්ධනය වී තිබේ.

අද (30දා) වනවිට භයානක ලැව්ගින් තත්ත්වය වික්ටෝරියා ප්‍රාන්තය පුරා තවදුරටත් පැතිර යමින් තිබුණි.

එරට වඩාත් ජනප්‍රිය කලාපයක් වන නැගෙනහිර ගිප්ස්ලන්ඩ් වෙතින් බොහෝ ජනතාව ඉවත් වෙමින් සිටි අතර,  එහි සංචාරකයන් 30,000ක් පමණ රැඳී සිටි බවද කියැවෙයි.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇති වූ ලැව් ගින්නකින් ස්වේච්ඡා ගිනි නිවන භටයෙක් මිය ගියේය.

සැප්තැම්බර් මාසයේ සිට පැතිර යන ලැව්ගිනි නිසා මේ වනවිටත් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර, ලැව්ගිනි නිසා ජීවිත හානි වූ සතුන් ගණන මිලියන ගණනක් විය හැකි බව කියැවෙයි.



Recommended Articles