ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුරවත් ලොක්ඩවුන් වෙයි


කොවිඩ්-19 ආසාදන වැඩිවීමත් සමග ඔස්ට්‍රේලියානු වික්ටෝරියා ප්‍රාන්තය දින 5ක අගුලු දැමීමක් නියෝග කිරීමත් සමග එරට දැනටමත් ලොක්ඩවුන් තත්ත්වයේ ඇති සිඩ්නි නුවර මෙන්ම, රටේ තවත් ප්‍රධාන නගරයක් වන මෙල්බර්න් නුවරත් අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ලොක්ඩවුන් තත්ත්වයට පත්ව තිබේ.

සිල්ලර වෙළෙඳ සැල්, අත්‍යවශ්‍ය රාජකාරි, ව්‍යායාම, සෞඛ්‍ය සේවා සහ එන්නත් ලබාගැනීම හැර අද (15දා) මධ්‍යම රාත්‍රියේ සිට මිලියන 6.6ක ජනතාවකට නිවසේ රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ.

වසංගතය වසර එකහමාරක පමණ කාලය තුළ ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය අගුළු දැමීම එහි පස්වැනි අවස්ථාවට මෙසේ එලැඹී තිබේ.



Recommended Articles