ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් කැලඹී ගිය භූ කම්පනයක්


මෙල්බර්න් නගරයේ ගොඩනැගිලිවලට හානි සිදු කරමින් අග්නිදිග ඔස්ට්‍රේලියාවේ රික්ටර් පරිමාණ 5.8ක භූමිකම්පාවක් ඇති වී තිබේ.

භූමිකම්පාව සිදු වූයේ අද (22දා) ප්‍රාදේශීය වේලාවෙන් උදෑසන 9.15ට පමණ වික්ටෝරියානු ප්‍රාන්ත අගනුවරට නුදුරිනි.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසුවේ "බරපතල තුවාල ලැබූවන් පිළිබඳව අපට වාර්තා වී නැති බවත් එය ඉතා හොඳ ආරංචියක්" බවත්ය.

භූමිකම්පාව අසල්වැසි දකුණු ඔස්ට්‍රේලියාව සහ නිව් සවුත් වේල්ස් වෙතද දැනී ඇත. ඉන් පසුව රික්ටර් පරිමාණ 4.0 සහ 3.1ක පසු කම්පන දෙකක් සිදු විය.

මෑත කාලයේදී ඔස්ට්‍රේලියාවේ සිදුවූ විශාලතම භූමිකම්පාව මෙය වූවත් එය සැලකිය යුතු හානියක් සිදු කළ බවක් නොපෙනේ.



Recommended Articles