ඔස්ට්‍රේලියාවේ බාර් ඇඳිරි නීතිය ජනවාරි සිට අවසන් කරනවාලු


ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරයේ රාත්‍රී හැසිරීම් වැළැක්වූ විවාදයට තුඩුදී තිබූ නීතිය එලැඹෙන ජනවාරියේ සිට සම්පූර්ණයෙන්ම අහෝසි වනු ඇතැයි බලධාරීහු පවසති.

2014 දී බලාත්මක කරන ලද 'Lock out' නීතිය මගින් ජනප්‍රිය ප්‍රදේශවල මත්පැන් හල් සඳහා ඇඳිරි නීතිය පැනවීමක් ලෙස සැලකුණේ මත්පැන් නිකුත් කළ හැකි වේලාව සීමා කරමිනි.

මෙම නීතිය මගින් බීමත් කමින් සිදුකෙරෙන ප්‍රචණ්ඩක්‍රියා බොහෝ දුරට අඩුකර ගැනීමට හැකිවූ බවද බලධාරීහු පවසති.

නමුත්, රාත්‍රියේ සිදුකෙරෙන ව්‍යාපාරයන්ට මෙන්ම, රාත්‍රී ජීවිතයන්ට ඇලුම් කරන්නන්ට මෙය බලවත් සිත්තැවුලක් මෙන්ම, ආර්ථිකය ගැන නොසිතා ගත් තීරණයක් බවට චෝදනා එල්ල විය.

කෙසේ වෙතත්, මේ සියලු කරුණු සලකා බලමින් අවසානයේදී මෙම නීතිය ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, එය ලබන ජනවාරි 14දා සිට සංශෝධනය වනු ඇත.



Recommended Articles