ඔස්ට්‍රේලියාවේ පැතිර යන ලැව්ගිනි නිසා වූ මරණ 4ක් දක්වා ඉහළ යයි


ඔස්ට්‍රේලියාවේ, නැගෙනහිර වෙරළ කලාපය පුරා පැතිර යන දරුණු ලැව්ගිනි තත්ත්වයත් සමග මේ වනවිට මියගිය පිරිස හතර දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

පොලීසිය පැවසුවේ, නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ තිබී වයස අවුරුදු 58ක පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගැනීමට හැකි වූ බවයි.

නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත තුළ ඇතිව තිබෙන 120කට වැඩි ලැව්ගිනි මැඬපැවැත්වීම සඳහා ගිනිනිවන භටයන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටියි.

මෙම ලැව්ගිනි තත්ත්වය කෘත්‍රිමව ඇති කිරීමට බව සැකකෙරෙන වයස අවුරුදු 16ක තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ලැව්ගිනි තත්ත්වය යෙප්පොන් නගරාසන්න නිවාස 14ක් දැනටමත් දවා අලුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.



Recommended Articles