නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ඇති වී තිබුණත්, ලැව්ගිනි තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බවට බලධාරීන් අනතුරු අඟවයි.
ඇද හැලෙන වර්ෂාව මධ්‍යයේ පවා ඊයේ (20දා) දිනයේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත හරහා ලැව්ගිනි 80කට වැඩි ප්‍රමාණයක් දැල්වෙමින් තිබුණි.
මෙල්බර්න් සහ කැන්බරාවලට දැඩි වර්ෂාපතනයක් ඇති වී තිබූ අතර, ඇතැම් ප්‍රදේශවල ගොල්ෆ් බෝල තරම් විශාල හිම කැට ඇද වැටී තිබුණි.
මෙම හිම කැටවලින් කාර්යාල සහ මෝටර් රථවලට හානි සිදුව තිබූ බැවින් හදිසි ඇමතුම් අංශයටද ඉස්පාසුවක් නොවූ බව සඳහන් වෙයි.
වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වෙත පසුගිය දින කිහිපයේ ඇද හැලුණු දැඩි වර්ෂාපතනයෙන් මහා ලැව්ගිනි මැඬපැවැත්වීම සඳහා යම් සහනයක් ලබාදී තිබුණි.
ගිනිකොණදිග ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ප්‍රජාවන් විශාල පිරිසක් තවමත් ගින්නෙන් පීඩා විඳින බව බලධාරීහු පවසති.