දකුණු ඔස්ට්‍රේලියාවේ අහසේ පියාසර කරමින් සිටි පක්ෂීන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව බිම පතිත වී ඇති බවත්, මෙය විෂ ශරීරගත වීමක් ලෙස විශ්වාස කරන බවත් බලධාරීහු පවසති.
මියගිය බොහෝ පක්ෂීන් කොරෙල්ලා වර්ගයේ පක්ෂීන් විශේෂ දෙකක් බවත්, ඇඩිලේඩ් නුවරට ආසන්නයේදී මෙම පක්ෂීන්ගේ මළ සිරුරු හමුවූ බවත් සඳහසන් වෙයි.
අවදානමට ලක්ව ඇති පක්ෂි විශේෂයක් ලෙස සැලකෙන මොවුන්ගේ මළ සිරුරු 57ක් පමණ හමුවී ඇති බව කියයි.
ඒ අනුව, මේ ආකාරයෙන් පක්ෂීන් විශාල පිරිසක් එක්වරම ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන් පරීක්ෂණ අරඹා තිබේ.
මේ අතර, යම් යම් ආබාධයන්ට ලක්ව පියාසර කරගැනීමට නොහැකිව හමුවූ පක්ෂීන් අල්ලා පශු වෛද්‍යවරුන් වෙත යොමුකර ප්‍රතිකාර ලබාදීමටද පියවර ගෙන තිබුණු බවත්, එම සතුන්ගේ ජීවිත බේරාගැනීමටද නොහැකි වූ බවත් බලධාරීහු වැඩිදුරටත් පවසති.