ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට බලපෑ වාර්තාගත ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම ආරම්භ කර තිබේ.
ගෙවුණු සතියේ ඇතිවූ දරුණු වර්ෂාපතනය තවදුරටත් පැවතීම නිසා ඉදිරියේදී මෙම ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවටද කාලගුණ අංශ අනතුරු ඇඟවීය.
විශේෂයෙන්ම මීට පෙර වර්ෂාව සමග ඇති වූ ගංවතුර මට්ටම්වලට වඩා මෙවර ජල මට්ටම් ඉහළ අගයක් කරා පැමිණ ඇති බවද කාලගුණ අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.