ඔස්ට්‍රේලියාව බ්‍රිස්බේන් නුවර අගුලු දැමීම් තවත් දීර්ඝ කරයි


ඉතා බෝවන ඩෙල්ටා වෛරස ප්‍රභේදය පැතිරීම පාලනය කිරීම සඳහා වැඩි කාලයක් ලබාදෙන ලෙස නිලධාරීන් ඉල්ලා සිටි බැවින් ඔස්ට්‍රේලියාවේ තුන්වැනි විශාලතම නගරය වන බ්‍රිස්බේන් සහ ඇතැම් අසල්වැසි ප්‍රදේශවල දින තුනක හදිසි අගුලු දැමීම එලැඹෙන ඉරිදා දක්වා දීර්ඝ කර තිබේ.

බ්‍රිස්බේන් අගනුවර වන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය, දේශීයව වාර්තා වූ නව ආසාදිතයන් 13දෙනෙකු සොයාගත් අතර එය දිනකට පෙර ආසාදිතයන් 9 දෙනෙකු ලෙස සටහන් විය.

එලැඹෙන අඟහරුවාදා සවස අගුලු දැමීම අවසන් වීමට නියමිතව තිබූ නමුත් දැන් එය අගෝස්තු 8 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.



Recommended Articles