ඔස්ට්‍රේලියාව දීර්ඝ හා භයානක ගිම්හානයක් දකින්නේ ඇයි?


මේ වනවිටත් ලැව්ගිනි හා නියඟයෙන් පීඩා විඳින ඔස්ට්‍රේලියාව වඩාත් උණුසුම් කාලයට පිවිසීමට සූදානම් වන්නේ අනාවැකි මධ්‍යයේ ය.

අලුතින්ම නිකුත් කරන ලද කාලගුණ විද්‍යා කාර්යාංශයේ නිල විශ්ලේෂණය පෙන්නුම් කරන්නේ ඔස්ට්‍රේලියාවේ ගිම්හානය වඩාත් වියළි විය හැකි අතර සාමාන්‍ය උෂ්ණත්වය ඉක්මවා යන බවයි.

එය රට පුරාම දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක් ඇති කරනු ඇති බවද සඳහන් වෙයි. සැප්තැම්බර් මාසයේ සිට නිව් සවුත් වේල්ස් හි පමණක් හෙක්ටයාර මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් ලැව්ගිනිවලට හසුව දැවී ගොස් තිබේ.

මෙවර ගිම්හානයේ ඔස්ට්‍රේලියාවේ “සාමාන්‍ය” උෂ්ණත්වය 27.5C ට වඩා බෙහෙවින් උණුසුම් වනු ඇතැයි කාර්යාංශය පවසයි. අනාවැකිවලට අනුව, බොහෝ විට ගිම්හානය තුළ රට පුරා උෂ්ණත්වය සාමාන්‍ය මට්ටම් ඉක්මවා යනු ඇත.



Recommended Articles