ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියකගේ නිවසක් හදිසියේ පොලීසිය වටලයි


ඔස්ට්‍රේලියානු රජය එරට ජනතාව සම්බන්ධයෙන් රහසේ තොරතුරු එකතු කිරීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තාවක් පළ කළ මාධ්‍යවේදිනියකගේ නිවස එරට පොලීසිය සෝදිසියට ලක්කර තිබේ.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය පවසා සිටියේ, සෝදිසි වරෙන්තුවක් ලබාගෙන මෙම සෝදිසි මෙහෙයුම සිදුකළ බවයි.

විශේෂයෙන්ම අතිශය රහසිගත තොරතුරු මාධ්‍ය වෙත නිකුත් වීම සම්බන්ධයෙන් මෙම සෝදිසිය සිදුවූ බවද ඔවුන් පවසයි.

ඔස්ට්‍රේලියානු නිව්ස් කෝපරේෂන් මාධ්‍ය ආයතනය මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කර ඇති අතර, අනිකා ස්මෙතර්ස්ට්ගේ නිවස මෙසේ පරීක්ෂා කිරීම මාධ්‍ය නිදහසට බාධා කිරීමක් බව පවසා තිබේ.



Recommended Articles